ප්‍රමුඛ පුවත 1

මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට අද ජනතා අයිතියට

(UTV| කොළඹ) – කොන්ක්‍රීට් කණු යොදා මෙරට ප්‍රථම වරට සකස් කළ අලි වැට අද විවෘත කෙරේ.

ඒ, ත්‍රිකුණාමලය, ගොමරන්කඩවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

කිලෝමීටර් 30 ක් දිග මෙම අලි වැට ඉදි කර ඇත්තේ යුද හමුදාවේ ද ශ්‍රම දායකත්වයෙන් බව රජය පවසයි.

මේ අතර සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

ප්‍රතිසංස්කරණය කළ ගෝමරන්කඩවල බක්මීවැව ද අද ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.

දිස්ත්‍රික්කයේ එල්ලංගා වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක බව රජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

ජවිපෙ අද යළිත් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment