ක්‍රීඩා

නව තේරීම් කමිටුවට එන ක්‍රිකට් තරු දෙක

(UTV| කොළඹ) – නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරනු ඇති බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මෙම නව ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන බන්ධුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී ලද දරුණු පසුබෑම හේතුවෙන් චෝදනා ලැබූ ඇන්ජිලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කරන්නට ග්‍රහැම් ලැබ්රෝයි ප්‍රමුඛ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කටයුතු කළද මෙසේ ලද පරාජයන්ගේ වගකීමෙන් ගැලවීමට ජාතික තේරීම් කමිටුවට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහටද නොහැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මතය වී ඇතැයිද පැවැසේ.

තම ඉල්ලා අස්වීම සම්බන්ධව හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා වෙත යවන ලද ලිපියේද වගකීම පිළිබඳව එවන් මතයක් පළකර ඇත.

කෙසේ වෙතත් නව තේරීම් කමිටුව පත්කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා අයි.සී.සී.යට පොරොන්දු වූ පරිදි මෙරට ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනකුගෙන් යුත් කළමනාකරණ කමිටුව ඉදිරි සතිය තුළදී පත් කිරීමටද නියමිත බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

කාසියේ වාසිය බංගලාදේශයට

Mohamed Dilsad

ඔලිම්පික් උළෙල සඳහා පළමු ක්‍රීඩා කණ්ඩායම ජපානයට පැමිණේ

Mohamed Dilsad

Leave a Comment