ප්‍රමුඛ පුවත 1

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානම්

(UTV| කොළඹ) – එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ හමුවූ සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කළේය.

මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද Brock Bierman මහතා පැවසීය.

එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බව සඳහන් කළ ඒ මහතා, එම අවස්ථාවට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද සහභාගීවන්නේ නම් ඒ පිළිබඳ අතිශයින් කෘතඥ වන බව කියා සිටියේය.

ඊට එකඟතාවය පළ කළ ජනාධිපතිතුමා එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහය පිළිබඳව තම ස්තූතිය පළ කළේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන මෙම නව සංවර්ධන ආධාරය ඉතා අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේ්ක්ෂා කරන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, තිලක් මාරපන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

GSP+ සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය

Mohamed Dilsad

පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ෆෙස්බුක් තහනම ඉදිරි දින කීපයේ දී ඉවතට, නව වැඩපිළිවෙලක් රටට හඳුන්වා දෙනවා- ජනපති

Mohamed Dilsad

Leave a Comment