ප්‍රමුඛ පුවත 1

අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කදවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි

UTV | COLOMBO  – අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු භාරයේ තිබූ ගිනි අවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කදවුරේම සෙබලූන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. මෙහිදී අදාළ සෙබලාගෙන් පැහැර ගත් ගිනි අවිය ද සොයාගෙන ඇති අතර, සෙබලා ඝාතනය කිරීම සඳහා යොදා ගත් තියුණු ආයුධය ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අප ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සෙබලූන් දෙදෙනා 27 සහ 29 හැවිරිදි කොටදෙනියාව සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය සිකුරාදා අලූයම මෙම ඝාතන සිද්ධිය වාර්තා වූ අතර, ඝාතනයට ලක්වුණේ කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි හමුදා සෙබලෙක්.

එසේම ඔහු සිය පවුලේ දෙවැන්නායි.

මීට වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට එක්වී ඇති  ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරීයේ නිරතව තිබෙනවා.

Related posts

ඇවන්ගාඩ් හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

Mohamed Dilsad

නාගදීප මුහුදු වෙරළේ කේරළ ගංජා තොගයක්

Mohamed Dilsad

ඕමානය බලා පිටත්ව ගිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යලි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment