ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

UTV | COLOMBO – ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ආරම්භ වනවා.

ලබන ඔක්තෝම්බර් 2 වන දා දක්වා ක්‍රියාත්මක මෙහි තේමාව වන්නේ ඩෙංගුවලින් තොර රටක් යන්නයි.

මේ වසර තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දුන්නේ.

මෙම සතිය තුළ දී තෝරා ගත් අවදානම් කලාපවල පරීක්ෂාවන් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 175ක එම පරීක්ෂාවන් සිදුකෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

Related posts

තම පාලනයක් යටතේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කරනවා [VIDEO]

Mohamed Dilsad

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

Mohamed Dilsad

පාකිස්තානයේ සිරවී සිටි පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment