ප්‍රමුඛ පුවත 1

පුතාට විදුලි සැර වද්දවා අමානුෂික ලෙස මැරෙන්නට සැලැස්සූ පියා

UTV | COLOMBO – විදුලි සැර වැදෙන්නට සලස්වා සිය පුත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකු සොයා මාතර පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මාතර, වෙල්ගම ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකළ සැකකාර පියා සිය බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව, වෙනම ජීවත්ව සිටි බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඊයේ රාත්‍රි 7.30ට පමණ අදාල පුත්‍රයා බීමත්ව සිය පියාගේ නිවසට පැමිණ ඇති අතර එහිදී පියා සමඟ බහින්බස් වී ඔහුගේ නිවසේ දේපල වලටද අලාභ හානි සිදුකර පිටව ගොස් තිබෙනවා.

අනතුරව රාත්‍රී 10ට පමණ නැවත ඔහු පියාගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පියා විසින් නිවස ඉදිරිපිට ඇඳ තිබූ විදුලි කම්බියක ගැටීමෙන් එම පුත්‍රයා මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්තා 30 හැවිරිදි වියේ පසුවූ අවිවාහකයෙක් වන අතර ඝාතනයට සම්බන්ධ සැකකාර පියා ප්‍රදේශයේ පලාගොස් තිබෙනවා.

මීට වසර 10කට පෙර සිය වැඩිමල් පුත්‍රයාට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ වරදට සැකකාර පියා දඬුවම් ලැබූවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

මාතර කොල්ලයේ තවත් තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 24 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment