ක්‍රීඩා

ප්‍රබල ඉන්දියාවට දිනන්න නොදී ඇෆ්ගනිස්ථානුවන් ආසියානු කුසලානයේ ඊයේ තරඟයේදී සිදුකළ පෙරළිය

UTV | COLOMBO – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 50 අවසනයේදී කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබාගත්තා.

එහිදී ආරම්භක පිතිකරු මොහොමඩ් ෂාසාඩ් ශතකයක් රැස්කරමින් ඇෆ්ගනිස්ථානය ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ඔහුට අනෙඟි සහයක් ලබාදුන් මොහොමඩ් නබී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දු වාර 49යි පන්දු 5කදී සියළු දෙනා දැවී ලකුණු 252ක් රැස් කළා.

ඒ අනුවයි එම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ.

ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය ලෙස ඊයේ තරඟයේදී පිටියට පිවිසි ලොකේෂ් රාහුල් සහ අම්බති රයිදු පිළිවෙලින් ලකුණු 60ක් සහ 57ක් රැස් කිරීමට සමත් වුණා.

ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම් මෙහෙයවන රොහිත් ශර්මා ඊයේ තරඟයට ක්‍රීඩා නොකළ අතර ඉන්දීය කණ්ඩායම ඊයේ තරඟයේදී මෙහෙයවනු ලැබුවේ මහේන්ද්‍ර සිං දෝනි විසින්.

මේ අතර ඊයේ තරඟයේදී ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, සිකුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියාව සුදුසුකම් ලබා අවසන්.

අවසන් තරඟයේ ඉන්දීය පිලේ පිළිමලුන් තීරණය කෙරෙන්නේ පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයෙන්.

Related posts

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

Editor O

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ඉන්දියාව සමග පන්දුවාර 20 ට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment