Trending News

පෘථිවියට සමාන ග්‍රහලෝක 7ක්

(උදයම්,ඇමෙරිකාව)  – නාසා ආයතනය විසින් පෘථිවියට සමාන ග්‍රහලෝක හතක්  සොයාගෙන තිබේ.

මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වීමද විශේෂත්වයක් බව නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය සඳහන් කර ඇත.

මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනුණු අතර මෙලෙස එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත්තේ පළමු  වරටය.

මේ අතර නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් මිනිස් වාසයට ඉතාමත් සුදුසු මට්ටමක පවතින බවය.

නාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවය.

අදාළ ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවද මේ වන විට සොයාගෙන තිබේ.

මේ අතර එම ග්‍රහලෝක 3 අතරින් එක් ග්‍රහයක්  පෘථිවියට සෑම අතින්ම සමාන බව එම වාර්තාවේ සඳහන්වේ.

එම ග්‍රහලෝක පිලිබඳ නාසා ආයතනය විසින් ඉදිරිපත් කළ ඡායාරුප පහතින්.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/NASA-Udhayam-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/tumblr_inline_olseihysv41tzhl5u_500.gif”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/tumblr_inline_olqw8rFdki1tzhl5u_1280.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/tumblr_inline_olqx5gdkVO1tzhl5u_1280.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/tumblr_inline_olsh32NkZn1tzhl5u_1280.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/tumblr_inline_olsemkfB7Q1tzhl5u_1280.jpg”]

Related posts

இந்திய அணி 71 ஓட்டங்களால் வெற்றி

Mohamed Dilsad

எரிபொருள் நிலையத்திற்கு செலுத்தவேண்டிய தொகை குறித்த கலந்துரையாடல்

Mohamed Dilsad

அரசாங்கத்திற்கு எதிரான அவநம்பிக்கை பிரேரணை சபாநாயகரிடம் கையளிப்பு (AUDIO)

Mohamed Dilsad

Leave a Comment