ප්‍රමුඛ පුවත 1

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

( උදයම්,කොළඹ)  – කොතලහිඹුටු දැවයෙන් සාදන ලද කෝප්ප 16 ක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගනී.

ඊයේ රාත්‍රියේ මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් රැගෙනයාමට උත්සහ කළ කොතලහිඹුටු දැව වල වටිනාකම රුපියල් එක් ලක්ෂ හැටදහසකි.

33 හැවිරිදි මෙම චීන ජාතිකයා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ සේවය කරන නිලධාරියෙකු බවටද අනාවරණ වී ඇත.

මෙම භාණ්ඩ රාජසන්තක කෙරුණු අතර සැකකරු මුදාහැර තිබේ.

Related posts

මෙවර ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක්….

Mohamed Dilsad

දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුවී අතුරුදන්

Mohamed Dilsad

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment