ප්‍රමුඛ පුවත 1

කම්කරු සේවක ආරක්ෂාව ඉහළ නැංවීමට යෝජනාවක්

UTV | COLOMBO -වැඩබිමෙහි සිදුවන අනතුරකදි ලබා දෙන කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ පහේ සිට දහය දක්වා වැඩිකිරීමටත් රැකියාව සඳහා ගමන් කිරීමේදි සේවකයින්ට රැකවරණයක් ලබාදීම සඳහාත් අදාළ පනත් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය යෝජනා තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය (25) කර්මාන්තශාලාවල සේවයේ යෙදි සිටියදි මිය ගිය දරුවන් පනස් එක් දෙනකුට රුපියල් පනස්දහසේ මුදල් තැන්පතුවක්, රුපියල් දසදහසක් වටිනා පාසැල් උපකරණ හා රුපියල් දෙදහසක් වටිනා සපත්තු ගැනීම සඳහා වවුචරයක්ද එම පවුල්වල අයට ලබාදුන් වෘත්තීය පුහුණුවකින් පසු සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින්ය. ශ්‍රමවාසනා අරමුදල මගින් මෙම ප්‍රතිලාභ පිරිනැමීම සිදුකෙරිණි.

එහිදි වැඩිදුරටත් අඳහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය.

මෙතෙක් සේවකයකු සේවයේ යෙදි සිටියදි අනතුරකට පත්වී මියයෑමේදි ලබාදුන් වන්දිය රුපියල් ලක්ෂ පහක් වන අතර එය රුපියල් ලක්ෂ දහය දක්වා වැඩිකිරීමට හා එමෙන්ම සේවකයින් රැකියාවට ගමන් කිරීමේදි ඇතිවන අනතුරුවලදි රැකිවරණයක් ලබාදීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා පනතද සංශෝධනයට ලක්කිරීමට පියවර ගෙන තියෙනවා. ඒ අනුව ඉදිරියේදි සේවකයා හා සේවක අයිතිය වෙනුවෙන් බොහෝදේ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ කරුණු පිළිබඳ ජනතාවට නිසි දැනුවත් වීමක් නැහැ. ජාතික සම්පත ලොතරැයියෙන් මුල්‍ය දායකත්වය ලැබෙන කම්කරු අමත්‍යාංශය යටතේ තිබෙන ශ්‍රම වාසනා අරමුදලෙන් මේ රටේ විශේෂයෙන් පෞද්ගලික අංශයේ වැඩකරන සේවකයින් වෙනුවෙන් විශාල සුබසාධනයක් සිදු කෙරෙනවා. මෙහිදි වැඩබිමේදි රාජකාරියේ නියුතුව සිටියදි අනතුරට පත් සේවකයා වෙනුවෙන් මෙතෙක් තිබු රැකවරණය තවදුරටත් සේවකයාගේ යහපත වෙනුවෙන් පුළුල් කරමින් එය සේවයට පැමිණීමේදි ඇතිවන අනතුරවලදි රැකවරණය ලබාදීමට පනත් සංශෝධනය කෙරෙනවා.

මේ කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව හා සම්බන්ධව දීප ව්‍යාප්තව රටපුරා තිබෙන කම්කරු කාර්යාලවලින් ලබා ගැනීමේ පහසුව ඇති කර තියෙනවා. එහිදි අනතුරක් සිදුවුණාම එම කාර්යාල වෙත පැමිණ සම්පූර්ණ කිරීමට පෝරමයක් තියෙනවා එය සම්පූර්ණ කර කාර්යාලයට ලබාදිය යුතුයි. අද මෙහි නිල වෙබ් අඩවිය තවදුරටත් වැඩිදියුණු කරමින් ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවාවද ආරම්භවුණා. ඒ මගින් සේවකයාට හෝ අදාල පාර්ශය වෙත කෙටි පණිවුඩ මගින් තොරතුරු ලබාදීම සිදුවෙනවා.

ඉදිරියෙදි රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ පාසැලේ අ.පො.ස.උසස් පෙළ මට්ටමේ දරුවන්ගේ සිට දෙමව්පියන්ද කැඳවලා දැනුවත් කරන්න බලාපොරොත්තුවෙනවා. විශ්‍රාම වැටුප හා නිවාඩු ගැන සිතා රජයේ රැකියාවක් ලබාගැනීම ගැන අපේ තරුණ තරුණයින් බලාපොරොත්තු තබාගෙන සිටියත් පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය මහන්සිය වෙනුවෙන් වැඩි වැටුප් ගෙවනව ඒ පිළිබඳ නිසි අවධානයක් අපේ සමාජයේ නැහැ. ඒ පිළිබඳ ආකල්ප වෙනස් කිරීමක් සිදුවිය යුතු බැවින් අපි පාසැල් මට්ටමේ සිට එම කාර්ය සිදුකිරීමට බලාපොරොත්තුවෙනවා. සේවක හිඟකම නිසා අපේ සේවා පියසද විවෘත කිරීම ප්‍රමාද වී තියෙනවා එය ඉදිකරන සමාගම ඉන්දියාවෙන් සේවකයින් ගෙනැල්ලා තමයි ඉදිකිරීම් කටයුතු කරන්නේ.

සමහර තැන්වල කුඹුරු කොටන්නත් එම සේවකයින් යොදා ගන්නවා. අපේ රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ සිදුකළ සමීක්ෂණයකට අනුව අපේ තරුණතරුණයින් ලක්ෂ දහතුනක් ත්‍රීවීලර් පදිනවා. කටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවක පුරප්පාඩු තිස්පන්දහසක් පමණ තියෙනවා.

විදේශවලින් සේවකයින් ගෙනෙන්නේ මෙරටින් සොයාගන්න නොහැකි වෘත්තීයින් සඳහා පමණයි. එසේ පැමිණෙන සේවකයින් එම කාර්ය නිමවු වාහාම මෙරටින් පිටත්ව යායුතුයි. මීට බලපාන්නේ අපේ රටේ පුද්ගලයින් දේශීය කර්මාන්තවල නියැලෙන්නේ නැති නිසයි.

ඇඟලුම් ක්ෂේත්‍රයේත් මෙවැනි ප්‍රශ්න ඇතිවුණු නිසා දැන් ඒ සේවකයින්ට හුඟාක් පහසුකම් ඇති කරලා තියෙනවා. වෙළඳකලාප තුලම ඉතාම උසස් මට්ටමේ නේවාසික පහසුකම් ඇති කර තිබෙන අතර බාහිරෙන් තිබෙන නේවාසික ස්ථානවල සිට ප්‍රවාහන පහසුකම් ලබාදී තියෙනවා යැයි ද පැවසී ය.

Related posts

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි.

Mohamed Dilsad

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment