ව්‍යාපාරික

කෘෂිකර්ම උපදේශකවරු ඇතුළු 346ක් කෘෂිකර්ම සේවයට එක්වෙති

UTV | COLOMBO – කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවය සඳහා කෘෂිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර, ඉන්ජිනේරු සහකාර තනතුරු සඳහා  (26) දින 346 දෙනෙක් සේවයට එක්වූහ.

ඔවුන් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පැවැත්වූ අතර, ඉන් සමත් වූ 476 දෙනෙක් අතුරින් පුරප්පාඩු අනුව මෙම 346 දෙනා බඳවා ගනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, කෘෂිකර්ම උපදේශක තනතුරු සඳහා 203ක් ද, පර්යේෂණ සහකාර තනතුර සඳහා 124ක් ද, ඉන්ජිනේරු සහායක තනතුර සඳහා 16ක් ද බඳවා ගැනිණි. මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මීට දශක දෙකකට පෙර මෙරට කෘෂිකර්මාන්තයට දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායකත්වය 29% ක් වූ නමුත් පසුගිය වසර වනවිට එය 7.7% දක්වා  පහළ වැටුණු බවයි.එම නිසා කෘෂිකර්මාන්තය යළිත් නඟා සිටුවීමේ වගකීම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවය කරන සියලු දෙනාගේ වගකීමක් බවත්, ඒ සඳහා සියලු දෙනාකැප වී කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සකස් කළ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට අවසන් කර ඇති අතර, එය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්, මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් යටතේ කටයුතු කිරීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

අලුත් අවුරුදු කාල සීමාවේ දී සතොසට වාර්තාගත ආදායමක්

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

මහ බැංකුව ඩොලර් බිලියනයක් වටින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවයි

Mohamed Dilsad

Leave a Comment