(උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදානම් වෙයි.
ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ද මේ සඳහා හඳුන්වා දී ඇත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මෙම දුරකථන අංකය ඔස්සේ විශ්වවිද්‍යාලවල නවකවදය පිලිබඳ පමණක් නොව සිසුන්ට සිදුවන ඕනෑම හිරිහැරයක් පිලිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැක.
ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙනමම ඒකකයක් ස්ථාපිත කර තිබේ.
0112 123456 යන දුරකථන අංකයට හෝ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සිසු ගැටළුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.