UTV | COLOMBO – හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ විශේෂ විවාදයක් පැවැත්වීමේ අරමුණින් හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම කතානායකවරයාගෙන් ඊයේ දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවයි.
රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අදාල විවාදය පැවැත්වීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.