ව්‍යාපාරික

කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 2018 සම්මන්ත්‍රණය අද ඌව වෙල්ලස්ස සරසවියේදී

(UTV| කොළඹ) – කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්තමා නත්ත්වය සහ අනාගතය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන 2018 සම්මේලනය අද (28) බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

කුකුළු නිෂ්පාදන ලෝකයේ අනාගතය : පරිසරහිතකාමී සහ කාර්යක්‍ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් “Future of the poultry World : Smater and Greener Production ” යන තේමාව යටතේ දෙවන වරටත් පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ කුකුළු නිෂ්පාදන ආයතනයක් වන ක්‍රිස්බෝ සමාගමයි.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මේලනය සඳහා මෙරට කෘෂිකර්ම විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රාලීය විද්වතුන් සහ උපාධි අපේක්ෂකයින් මෙන්ම පර්යේෂණ ආයතනවල විද්වතුන් රැසක් සහභාගී වනු ඇත.

මෙහිදී ක්ෂේත්‍රයේ වැදගත් කරුණු වන කුකුළු ආහාර,පරිපාලනය ,කුකුලන්ට වැළදෙන රෝග,නිෂ්පාදන ක්‍රමවේද සහ නව පර්යේෂණ පිලිබ්වන්දව විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

වනමේයි ඉස්සන් වගාව ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment