ප්‍රමුඛ පුවත 1

ජනපති හා UN සහ පොදු රද මඩුළු මහ ලේකම්වරු හමුවෙයි

(UTV|ඇමෙරිකාව) – ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබඳ ශ‍්‍රී ලංකාව අද ලබා තිබෙන සාධනීය ප‍්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරියගේ ඇගැයීමට ලක් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අතර හමුව ඊයේ (28) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ දී සිදු විය.

එම කාර්යාලය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහලේකම්වරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සාමය සහ සංහි`දියාව පිළිබඳ ඉකුත් වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකාව ලද සුවිශේෂි අත්දැකීම් උපයෝගි කර ගනිමින් එම ගමන ඉදිරියට තවදුරටත් වේගවත් කරන බවයි.

ශී‍්‍ර ලංකාව උදාකරගෙන තිබෙන මෙම සුවිශේෂී ජයග‍්‍රහණ අධ්‍යයනය කරමින් ශ‍්‍රී ලංකාව දෙස නව දෘෂ්ඨි කෝණයකින් බලන්නැයි තමා ජාත්‍යන්තරයේ සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

අසීරුතා රැසක් මධ්‍යයේ වුව ද අද ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අගය කළ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩවම  ලබාදෙන බව  ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවල දී ශ‍්‍රී ලංකාව ලබාදෙන ඉහළ සහයෝගය මෙහිදී මහලේකම්වරයාගේ ඇගැයීමට ලක්වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල සංශෝධනය වෙයිද?

Mohamed Dilsad

“සුවසැරිය” දෙවන අදියරටත් සුදානම්

Mohamed Dilsad

කෝටි පහක රත්‍රන් රේගුවේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment