ක්‍රීඩා

ආසියානු කුසලාන යොවුන් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ජයක්

(UTV| බංගලාදේශය) – වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (29) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 06 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 04 ක් අවසානයේ ලකුණු 141 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පන්දුවාර 37 යි 05 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

බංග්ලාදේශ කණ්ඩායම – පන්දුවාර 46.4 කදී 10/141
(ටැන්සිද් හසන් 24, ටොව්හිද් රිඩෝයි 35, ශමිම් හොසේන් 20, රෂීඞ් හොසේන් නොදැවී 18, ශෂික දුල්ෂාන් 11/2, දුනිත් වෙල්ලාලගේ 21/2,  කල්හාර සේනාරත්න 31/2)

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 37.4 කදී 4/144
(නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 64, පසිඳු සූරියබණ්ඩාර 36, ශොරිෆුල් ඉස්ලාම් 29/2)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්.

Editor O

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැතිව්ගෙත් බලාපොරොත්තු සුන්වෙයි

Mohamed Dilsad

එංගලන්ත තරඟ සංචාරය ගැන වෛද්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment