ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව සුදානම් – යුද්ධ හමුදාපති

(UTV|අනුරාධපුරය) – ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික ‍අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි ඊයේ (01) දින පැවැත් වුණි.

ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙනි.

එහිදි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක් වූ යුද්ධ හමුදාධිපති, රටේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට යුද්ධ හමුදාව සුදානම් බවත්, රජය විසින් බලතල ලබාදෙන්නේ නම් එම කාර්යය යුද්ධ හමුදාවට කාර්යක්‍ෂමව ඉටුකල හැකි බවත් පැවසීය.

“යුද්ධ හමුදාව අතීතයේ සිට යුද්ධමය වතාවරණයෙන් අනතුරුව රට සංවර්ධනයට සහාය වී ඇත. වර්තමානයේ පවතින තිරසාර සාමයත් සමඟ රජයේ අනුග්‍රාහකත්වය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මධ්‍යම සහ කුඩා වැව් 576 ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 214 ක් සහ වෙල්ලස්ස ප්‍රදේශයේ වැව් 1000 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, යුද්ධ හමුදාව රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතුවලට සහායවීමට අදහස් කරනු ලබයි. තවද, රජය විසින් ලබා දී ඇති අරමුදල් සහ යන්ත්‍රෝපකරණ යොදාගනීමින් යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතින් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබයි” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

‘එල්.ටී.ටී.ඊ සටන්කාමීන්’ යැයි චෝදනා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිතුමන්, “යමෙකු මෙවැනි දේවල් සිදු කරන්නේ නම්, රටක් ලෙස අප සැලකිලිමත් විය යුතු වුවත්, යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ සිවිල් වැසියන්ගේ සමරු උත්සවය ඔවුන්ගේ පරමාධිපත්‍යය බැවින් එය ප්‍රශ්නයක් නොවේ, කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ සමරනු ලැබුවහොත්, අප ඉවසිල්ලෙන් සහ සැලකිලිමත්ව කටයුතු කල යුතුය. එහෙත්, පැයක පමණ කාලයක් පවතින එම වැඩසටහන කිසිසේත්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන අතර, එය ජාතික ආරක්‍ෂාව බිඳ වැටීම අර්ථකථනය කිරීමක් නොවේ. පැමිණෙන ඕනෑම ආරක්‍ෂක තර්ජනයකට මුහුණ දෙන්නට, ත්‍රිවිධ හමුදාවම සුදානම් නමුත් දැනට එවැනි ප්‍රශ්නයක් නොමැත” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම බස් රථයකට අලාභ හානි කළ 05 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද වයඹ සියලු පාසල් වසා දැමේ

Mohamed Dilsad

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

Leave a Comment