ප්‍රමුඛ පුවත 1

ආපදා අංශයෙන් ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවයි

(UTV| කොළඹ) – මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා පුත්තලම සිට මීගමුව දක්වා වු වෙරළට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීය හැකි බැවින් ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එසේම පැයට 70-80 තද සුළං ද බලාපොරොත්තු විය හැකි බැවින් කල්පනාකාරී වෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පවසයි.

අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක වුණේ,දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම,ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ අංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි දුරකථන 117 පැය 24 පුරා මහජනතාව සඳහා විවෘතව ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පවරයි

Mohamed Dilsad

පාස්කු ඉරු දින පිළිබඳ අතුරු වාර්තාවක් ජනපති වෙත

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment