ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදින්ට සිදුවන හිරිහැර හා අසාධාරණ දැනුම් දෙන්න දුරකථන අංකයක්

(UTV| කොළඹ) – මාධ්‍යවේදීන්ට සිදුවන විවිධ හිරිහැර හා අසාධාරණකම් ක්ෂණිකව දැනුම් දීම සඳහා පොදු දුරකථන අංකයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මෙම නව දුරකථන අංකය මේ මාසය අවසන් වීමට ප්‍රථමව හඳුන්වා දෙන බවද .මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැරවලට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වීම මෙමගින් අපේක්ෂා කරන බව සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

අදාළ දුරකථන අංකය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සෘජුව සම්බන්ධ වන අතර ඒ අනුව අදාළ මාධ්‍යවේදීන්ගේ පැමිණිලි ක්ෂණිකව සටහන් කරගෙන ඊට අවශ්‍ය මැදිහත්වීම කෙටි කාලයක් තුළ ලබාදීම මෙමගින් අපේක්ෂා  කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ

Mohamed Dilsad

පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීමත් තහනම්

Mohamed Dilsad

මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා

Mohamed Dilsad

Leave a Comment