ක්‍රීඩා

කුමාර් සංගක්කාර එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගැන කියන දේ

(UTV| කොළඹ) – ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් සමන්විත සංචාරක එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මාසයේදි පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකාවට අභියෝගයක් බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක් කුමාර් සංගක්කාර ක්‍රීක් ඉන්ෆෝ වෙබි අඩවිය සමග සමුම්ඛ සාකච්ඡාවකට එක් වෙමීන් ප්‍රකාශ කර තිබේ.

එසේම එංගලන්තය (04) ටෙස්ට් ශ්‍රේණීගත කිරිම් හි ශ්‍රී ලංකාවට (06) ඉහළින් සිටියද පසුගියදා පැවති දකුණූ අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනිම තුලදි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ලෙසි කොට තැකිය නොහැකි බව හෙතෙම පෙන්වා දි ඇත.

” මම හිතනවා ,සැකයක් නෑ ඕනැම තත්වයක් යටතේ හොදින් ක්‍රීඩා කරන ලෝකයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් සහිත කණ්ඩායම තමා ඔවුන්,ඔවුගේ පසු පෙළ තුලත් හොද තුන් ඉරියව් ක්‍රීඩකයින් සිටින්නේ,අංක 10 දක්වාම. ඔවුන්ට සිටිනවා හොදින් ස්ථාවර වුන පිතිකරණ සැකැස්මක්,ඔවුන් වෙනස් වෙන්නේ නෑ . ඔවුන් සතුයි ඕනැම ලකුණූ තත්වයකට යා හැකි පිතිකරුවන්. ඇලසේටයාර් කුක්ගේ නික්මයාමෙන් පස්සේ වුවද, ඔවුන්ට තියනවා අලුත් ආරම්භක පිතිකරණ සංයෝගයක් , ඉතින් කවුරු ආවත් පුලුවන්, ශ්‍රී ලංකාව ඉලක්ක කරන්න”

“ඔවුන්ට සිටිනවා හොඳ දග පන්දු යවන්නන්, ආදිල් රෂිඩ් හා මොයින් අලි වගේ.ශ්‍රී ලංකාවේ තත්වය මත රෂිඩ් ලොකු තර්ජනයක් වෙවි,ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ට පුළුවන් හොදින් පන්දුව ස්විම් කරන්න,ඉතින් ඔවුන් ඉතාමත් ශක්තිමත් බළ ඇණීයක්, ඔවුන්ට පුලුවන් හොදින් අනුවර්තනය වන්න, මොකද ඔවුන්ට අවශනම් දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරවන්න,ඔවුන්ට පුලුවන් තුන්දෙනක් ක්‍රීඩා කරවන්නට,අමතර වේග පන්දු යවනන් නැතිව හොඳින් පන්දු යැවිම සංකලනය කර ගන්න ඔවුන්ට පුළුවන්”

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පදනම රංගන හේරත් මත හා පළමු ඉනිමේ පිතිකරුවන්ගේ කාර්ය භාර්ය මත ගොඩ නැගෙන බවද සංගක්කාර මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

“රංගන හේරත්ගෙන් ලොකු දායකත්වයක් බලාපොරොත්තු වෙනවා මෙ තරගාවලියේදි එ වගේම අපේ පිතිකරුවන් පළමු ඉනිමේදි ලොකු ලකුණූ සංඛ්‍යාවකට යා යුතුයි”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

චීනයේ පැවැත්වීමට තිබූ සියළු ජාත්‍යන්තර ක්‍රීඩා අත්හිටුවයි

Mohamed Dilsad

අප්‍රිකාව සමග විස්සයි-20 ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment