ප්‍රමුඛ පුවත 1

හැටන් දුම්රිය ස්ථානයේදී දුම්රිය බලවේග කට්ටලයක් පීලි පනී

(UTV| කොළඹ) – හැටන් දුම්රිය ස්ථාන අංගනයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග කට්ටලයක් පීලි පැනීමකට ලක්ව තිබේ.

ඊයේ (02) රාත්‍රී 8.30ට පමණ මෙලෙස භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග කට්ටලය පීලි පැනීමට ලක්ව ඇත.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, හැටන් දුම්රිය අංගනයේදී එහි මැදිරි ගලවා ඒ වෙනුවට වෙනත් මැදිරි කිහිපයක් අමුණා, කොටගල දුම්රිය ස්ථානය කරා ධාවනය කරමින් තිබියදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තාවේ.

බලවේග කට්ටලයේ මැදිරි පීලිගත කිරීමේ කටයුතු නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආපදා අංශ නිලධාරීන් මේ වන විට ආරම්භ කර ඇති අතර, මෙම අනතුරෙන් දුම්රිය ධාවනයට බාධා සිදුව නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

Mohamed Dilsad

එජාප ප්‍රතිසංධාන කමිටුව පළමුවරට රැස්වේ

Mohamed Dilsad

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment