ප්‍රමුඛ පුවත 1

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

(UTV|ත්‍රිකුණාමලය) – ජාතික ව්‍යවසායික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් දකුණු ආසියාවේ පළමුවරට පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපය ප්‍රධානතම ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදන වැඩ සටහන් සමුළුව ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එකී වැඩසටහන අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඉතා වැදගත් අවස්ථාවක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

යුනෙස්කෝ ආයතනයේ ආසියා ශාන්තිකර කලාපයේ අධ්‍යාපනික නවෝත්පාදක වැඩ සටහන යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට නවෝත්පාදන අධ්‍යාපනික දැනුම ලබා දෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 7 වැනි වරටය. මෙම සමුළුුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සංවිධානත්වයෙන් 2018 ඔක්තෝබර් 9 – 10 දිනවල ත්‍රිකුණාමලේ පැවැත්වෙන අතර ඔක්තෝබර් 11 දා කොළඹදී සමාප්ත උළෙල පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment