ප්‍රමුඛ පුවත 1

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනී තලතා කියයි

(UTV| කොළඹ) – කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ  නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පවසයි.

නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමග මහනුවරදී පැවති සාකච්ඡාවකින්  අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී තවදුරටත් මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්  අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළේය.

“මේ රටේ දේශපාලන සිරකරුවන් නෑ කවුද එහෙම දේශපාලන සිරකරුවන් ඉන්නවැයි කියන්නේ කොහේද දේශපාලන සිරකරුවෝ ඉන්නේ දේශපාලන සිරකරුවෝ නෑ.උද්ඝෝෂණය කරලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්න සැකකරුවන් 2009 ඉදලා ඉන්න පිරිසක් ඉන්නවා ඒ අයගේ නඩු යනවා නඩු පටන් අර ගෙන තියෙනවා මේ නඩු කල්යාම සිදු වෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි.දැන් ඔයගොල්ලෝ දන්නවා නඩු ප්‍රමාදයක් මේ රටේ තියෙනවා” .

“ඉතිං මේ නඩු කටයුතු හැම එකක්ම කල්යමින් තමයි කෙරෙන්නේ. ඉතිං ඒක ගරු අධිකරණයේ අභිමතය අනුව නඩු කල්යාම සිදු වෙනවා නමුත් මේ සම්බන්ධ යෙන් ගරු නීතිපතිතුමාත් අපේ ගරු අගමැතිතුමාත් විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමාත් සුමන්දිරම් මන්ත්‍රිතුමාත් මමත් විශේෂ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධයෙන් අපිට ගන් පුළුවන් ක්‍රියාමාර්ග බලලා අපි ඒ අයව දැනුවත් කරලා තියෙනවා “.

“කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට අර ගෙන ඒගොල්ලෝ විසින් වරද කළැයි කියලා භාර ගන්න කොටසක් සම්බන්ධවයි .මේ නඩු කටයුතු කෙරීගෙන යන්නේ .ඔබතුමාලා සන්තෝෂ වෙන්න එපැයි උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද හිරකාරයින්ටත් තියෙනවා” .

“අපි නම් කියන්නේ තොරතුරු දැන ගැනීමේ පනත මේ ආණ්ඩුවට පිං සිද්ධ වෙන්න ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පිං සිද්ධ වෙන්න ගයන්ත කරුණාතිලක මාධ්‍ය ඇමතිතුමා එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා තියෙනවා ඕනේ කෙනෙකුට ගිහින් කියන්න තොරතුරු මහ බැංකුවෙන් හරි කැමති තැනකින් දැන ගන්න කියලා අපිට ප්‍රශ්නයක් නැහැ”.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ජාතික වෙසක් සතිය අදින් අවසන්

Mohamed Dilsad

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…

Mohamed Dilsad

Leave a Comment