ප්‍රමුඛ පුවත 1

අද නාමල්ගේ සහ නාලකගේ හඬපට අධිකරණයට

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ හඬ පට අද(08)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ හඩපට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳව නාමල් කුමාර විසින් පසුගියදා තොරතුරු අනාවරණය කළේය.

එහිදී මොහු විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍යවෙත ඉදිරිපත් කරමින් අදාළ තොරතුරු අනාවරණය කළ අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කෙරුණ.

අධිකරණ නියෝග අනුව නාමල් කුමගේ සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඩ පාම්පල පසුගියදා රජයේ රස පරික්ෂකයා විසින් ලබා ගත්තේය.

ඒ අනුව අද දිනයේදී දුෂණ විරෝධි බලකායේමෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නියෝග කර තිබේ.

Related posts

පුජීත්ට හා හේමසිරිට එරෙහිව නීතිපතිවරයා පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

කොළඹ වරායේ රේගු නිලධාරීහු සේවයෙන් ඉවත් වෙති…

Mohamed Dilsad

Leave a Comment