ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV| කොළඹ) – අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරමින්  ඇති බවත් ඒ හේතුවෙන් ඊයේ වැසි තත්ත්වයේ යම් අඩුවක් පැවතිය ද, අද ත් දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණුවලින් සිදු වන අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

එමෙන්ම, ආරාබි මුහුදේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කළ ද ගිණිකොනදිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේ මේ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමිල්නාඩු හා කේරළ ධීවරයින්ට අනතුරු අඟවා ඇත්තේ, අද දිනයේ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත යාත්‍රාවලට ගොඩබිමට පැමිණෙන ලෙස ද ඉන්දීය කාලගුණ බලධාරින් එරට ධීවරයින්ට උපදෙස් දී තිබේ.

එම නිවේදනය මෙරට ධීවරයින්ට ද එලෙස ම වලංගු බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. ‍

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රැමඩෝල් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අරුණ පුවත් පතේ බොරුව ඇමති මංගල හෙළි කරයි [VIDEO]

Mohamed Dilsad

ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතට

Mohamed Dilsad

Leave a Comment