ප්‍රමුඛ පුවත 1

තවත් සද්දන්තයෙකු අවසන් ගමන් යයි

(UTV| කොළඹ) – දඩයක්කරුවෙකු විසින් වෙඩි තබා බරපතළ ලෙස තුවාල ලබා සිටි වන අලියෙකු මිය ගොස් තිබේ.

අද(31) අළුයම මෙම වන අලියා මිය ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙම වන අලියා මීට මාස දෙකකට පමණ පෙරදී වෙඩි වැදී තුවාල ලබා සිටිය දී සොයා ගනු ලැබීය.

මෙම වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ප්‍රතිකාර කරනු ලැබුව ද අවාසනාවන්ත ලෙස අද අළුයම අලියා මිය ගොස් ඇත.

වයස අවුරුදු 30 ක් පමණ වන මෙම වන අලියා පොලොන්නරුව ගිරිලේ වැව අසල පාදයේ තිබු තුවාලය හේතුවෙන් බොහෝ වේදනාවෙන් කාලය ගත කර ඇති බව වාර්තා වෙයි.

අලියාගේ උස අඩි 8 ක් පමණ වන බව ද වනජීවි නිලධාරීන් පවසයි.

මිය ගිය වන අලියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(31) දින සිදු කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට සිවිල් ඇදුමින් දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවයි

Mohamed Dilsad

කටුනායක සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් – අර්ජුන රණතුංග

Mohamed Dilsad

පොලිස් අපරාධ කොට්ඨාසය දේශපාලනයට සම්බන්ධයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment