ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – පාදුක්ක පොලිස් වසමේ පැමිණිල්ලක් සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරීයට බාධාකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (06) දහවල් 12.20 ට පමණ පාදුක්ක පොලිස් වසමේ මීපේ පොලිස් මුරපොළදී පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් පොලිස් නිලධාරියකු විසින් සටහන් කරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදුණු විත්තිකාර පාර්ශවයේ පිරිසක් පැමිණිලිකරුට පහරදීමට තැත්කර ඇත.
එම අවස්ථාවේ එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරියාට මෙලෙස පහර දී ඇති බව පොලිසය පවසයි.
පහරකෑමට ලක් වු පොලිස් නිලධාරියා මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
සැකකරුවන් අද (07)  හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කෙරෙන අතර වැඩි දුර පරීක්ෂණ පාදුක්ක පොලිසිය මගින් සිදු කෙරේ.

Related posts

උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්

Mohamed Dilsad

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරේ

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා – රනිල් කියයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment