(UTV| කොළඹ) – අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ලබන සඳුදා සිටය.
මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇති අතර ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ වී තිබේ.
ඒ අනුව ලබන 25 වන දා තෙක් අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැක.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]