ප්‍රමුඛ පුවත 1

ගාලුපාර තාවකාලිකව වසා දැමේ

(උදයම්,කොළඹ) –  සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හංදියෙන් සහ සෙරමික් හංදියෙන් ගාලු පාර වසා දමාඇති බෙව පොලිසිය දැනුම් දෙයි.

මෙම පාගමන  කොල්ලුපිටිය ප්‍රදේශය පසුකර පැමිණෙන බැවින් කොල්ලුපිටිය ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් ලබා දෙයි.

ඒ අනුව කොළඹට ඇතුලුවීම සඳහා කොල්ලුපිටිය හංදියෙන් ධර්මපාල මාවත ,ජේම්ස් පීරිස් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ කොළඹට පැමිණිය හැක.

කොළඹින් පිටවීම සඳහාද කොම්පඤ්ඤවීදිය හරහා මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.

Related posts

ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ඇතුළු 15 දෙනෙක් බූස්ස බන්ධානාගාරයට

Mohamed Dilsad

බන්ධනාගාර අධිකාරීවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම් – බන්ධනාගාර අමාත්‍යාංශය

Mohamed Dilsad

ජනාධිපති ඝාතනයට අදාල ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

Mohamed Dilsad

Leave a Comment