ප්‍රමුඛ පුවත 1

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහයා හෙට දිනයේ පියවී ඇසින් දැක ගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
පෝය දින වන හෙට (12 ) සිකුරු ග්‍රහලෝකය වඩාත් දීප්තිමත්ව සහ පැහැදිලිව දිස් වනු ඇති.

 

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙහිදී ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.

 

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද සිදුවන බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

Mohamed Dilsad

පාඨලීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

ස්වර්ණාභරණ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment