(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වේ.
ඊයේ (16) දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියේය.
ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලූදෙනා දැවී රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙසය.
මෙහිදී දිනේෂ් චන්දිමාල් එම ඉනිමේදී ලකුණු 138 ක් රැස් කළ අතර එය ඔහුගේ 8 වන ටෙස්ට් ශතකය ලෙස සටහන් විය.