විදෙස්

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුව

(උදයම්,ඇමෙරිකාව)  – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි.

ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ රැගෙන යාම තහනම් කෙරුණි.

දෙරටේ බුද්ධි අංශයේ රහසිගත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ ලැප්ටොප් පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා ගුවන් යානා තුලට බෝම්බ රැගෙන යාමේ අවධානමක් පවතින බවය.

IS ත්‍රස්ත සංවිධානය උඩු ගුවනේදී ගුවන් යානා පිපිරවීමක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.

මේ හේතුවෙන් ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඉදිරියේදී තවත් තීරණ කිහිපයකට අවතීර්ණ වීමට සැරසෙන බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

Related posts

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

Mohamed Dilsad

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ග්ලෝරියා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment