ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන්ගේ අවසන් කටයුතු පස්වරුවේ

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන් කටයුතු අද (09) පස්වරු 3.30 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ මහතාගේ දේහය මාතර පරමුල්ල ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය පෙරහැර පස්වරු 2.00 ට නිවසින් පිටත් වේ.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මිය යන විට 73 වැනි වියෙහි පසු වුණි.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන ගජදීර මහතා, බන්ධනාගාර හ පුනරුත්ථාපන, ස්වදේශ කටයුතු,අමාත්‍යධූරයන්හි හා වෘත්තීය පුහුණු, ධීවර, සමුපාකාර, ආදී අමාත්‍යාංශ කිහිපයකම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයේ සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

සජිත්ගේ 100 වන ජන රැලියේදී ජනතාවට විශේෂ පොරොන්දුවක්

Mohamed Dilsad

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment