ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

 

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (26) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එම කටයුතු ලබන මස 9 වනදා දක්වා තැපැල් කාර්යාල මට්ටමින් සිදුකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන මස 3 වන ඉරුදින නම් කර ඇත.

ලබන මස 9 වනදා වනවිටත් ඡන්ද දැන්වීම් පත්‍රිකා තම නිවසට නොලැබුණේ නම් ළගම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගන්නා ලෙස තැපැල්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් කොමිසන් සභාවට පැමිණිල්ලක්

Mohamed Dilsad

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

Mohamed Dilsad

Leave a Comment