(UTV | කොළඹ) – යුද හමුදාවේ 243ක භට පිරිසක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අද (13) අළුයම දිවයිනෙන් පිටත්ව ගියෝය.
අළුයම 3.20ට ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 – 300 වර්ගයේ යානයකින් මෙම පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේය.
විජයබා පාබල රෙජිමේන්තුවට, වෛද්‍ය, ඉංජිනේරු යන සේවා බලකායන්ට අයත් නිළධාරීන් 20ක් මෙම පිරිසට ඇතුලත් වේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]