දේශීය

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි බව ඉන්දීය මාධ්‍ය අද (16) වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දීය අගමැති කාර්යාලයේ සම ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගෝපාල් බග්ලි දැනට මහකොමසාරිස් ධුරය දරන තරංජිත් සිං සන්දු වෙනුවට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තරංජිත් සිං සන්දු ඇමරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර ගෝපාල් බග්ලි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

අද සිට මාකුඹුර සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

Mohamed Dilsad

බෙනඩික් පාප් වහන්සේගේ ස්වර්ගස්ථය වෙනුවෙන් සොව පළකෙරේ

Mohamed Dilsad

බස් රථවල මගීන් ආසන ගණනට පමණක් ප්‍රවාහණය කිරීමට නීතියක්

Mohamed Dilsad

Leave a Comment