දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

(UTV | කොළඹ) – අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පසු හිස් වූ ධුරය සඳහා වේ.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ එම නිර්දේශය කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් 24 වන දා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන  අභාවප්‍රාප්ත විය.

 

Related posts

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක්, ඇමරිකා රජය විසින් අත්හිටුවයි

Editor O

ගෙදර යන අයගේ නාම ලේඛනය මෙන්න (කොටසක්)

Editor O

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment