දේශීය

ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය දඩ ගසයි

(UTV | ඩුබායි) – ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය ඩිරාම් ලක්‍ෂ 5ක දඩයක් නියම කර තිබේ.

ඒ ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවට චෝදනා එල්ල වේම හේතුවෙනි.

මෙම ශී‍්‍ර ලාංකිකයින් තිදෙනා ඩුබායිහි තරු පහේ නිවාඩු නිකේතනයක ආරක්‍ෂක භටයින් ලෙස සේවය කර ඇත.

ඔවුන් ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් හරහා අදහස් පළ කර ඇති බවට චෝදනා කෙරේ.

වයස අවුරුදු 28 ත් 34 ත් අතර වයස් සීමාවල පසුවන ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට මෙලෙස දඩ නියම වේ තිබේ.

තමන් සිදුකළ වරද ඔවුන් තිදෙනාම පිළිගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල පුද්ගලයින් 57 ක් පිලිබඳ විමර්ශනයට

Mohamed Dilsad

දේශීය, බටහිර වෛද්‍ය රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පිළිගනී [RELEASE]

Mohamed Dilsad

Leave a Comment