දේශීය

දිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්

(UTV | කොළඹ) –  ලෝක පිළිකා දිනය නිමිත්තෙන් අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

මේ සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සහභාගී වූ අතර , පිළිකා මරණ පිළිබඳ එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.

ලෝකයේ මරණ වලින් දෙවන ස්ථානය හිමි වන්නේ පිළිකා මරණ වලට බවත් , පිළිකා මරණ වලින් 1/3 ක් වළක්වා ගත හැකි බවත් එහිදී සඳහන් වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 ක් වාර්තා වෙයි.

වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙක් වාර්තා වන අතර දිනකට 38 දෙනෙක් පිළිකා රෝගය හේතුවෙන් ලංකාවේ ජීවිතක්ෂයට පත්වෙයි.

මේ හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 14,013 ක් පමණ වෙයි.

Related posts

සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන්ට සහනයක්

Mohamed Dilsad

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

Mohamed Dilsad

තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරය – සජීවි විකාශය දැන් නරඹන්න

Mohamed Dilsad

Leave a Comment