දේශීයප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

(UTV | කොළඹ) – සේවය හැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ පොදු සමාකාලය අදින් අවසන්වේ.

මෙය 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව පෙබරවාරි 5 වනදා සිට මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව පොදු සමා කාලයේ පළමු දින 6 තුළ, නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 6259 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

මේ අතර බලපත්‍ර නොමැතිව භාවිත කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි භාරදීමට රජය ලබාදුන් සහන කාලයද අදින් අවසන්වේ.

Related posts

සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

අගමැති රනිල් නරේන්ද්‍ර මෝඩි හමුවීමට සුදානම්

Mohamed Dilsad

තවත් බන්ධනාගාර තුනකට STF ආරක්‍ෂාව අද සිට

Mohamed Dilsad

Leave a Comment