විදෙස්

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

(UTV | යේමනය) – සෞදි සන්ධානයට අයත් යුද ගුවන් යානයක් යේමනයේ උතුරු දිග අල්ජෝෆ් ප්‍රදේශයට කඩා වැටී තිබේ.

යේමන් හමුදා කණ්ඩායම් වෙත සහය පළ කිරීමේ මෙහෙයුමක් අතරතුර කඩා වැටුණු බව සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ නමුත් යේමනයේ හවුති කැරළිකරුවන් පවසන්නේ තමන් විසින් අදාළ ප්‍රහාරක යානය බිම හෙලු බවයි.

කෙසේ නමුත්, සෞදි අරාබි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ අල් ජාව්ෆ් ප්‍රදේශයේ සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සෞදි සන්ධානය 2015 වසරේ සිට යේමනයේ සටනට අවතීර්ණ වූයේ එහි ජාත්‍යන්තරව පිළිගත් රජය හවුති කැරලිකරුවන් විසින් පෙරලා දැමීමෙන් අනතුරුවයි.

Related posts

ට්විටර් නිර්මාතෘ ජැක් ඩෝසිගේ ගිණුමත් හැක්වෙයි

Mohamed Dilsad

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

ඉරානය බ්‍රිතාන්‍යට එකට එක කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment