දේශීය

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

(UTV | කොළඹ) – අද (10) සිට සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව තැබිමට අවසර දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ කොරෝනා අවදානම් කලාප වල ජනතාවට සිය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවයි.

එම කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව ප්‍රවාහන පහසුකම් සැපයෙනු ඇති.

 

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයන් 49 ,000 සීමාව පසුකරයි

Mohamed Dilsad

ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment