(UTV| කොවිඩ් 19 ) – වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ගම්පොල පිහිටි සිය නිවෙස්වෙත පැමිණි නාවික හමුදා භටයින් 6 දෙනෙකුට ස්වයං නිරෝධායනය වෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.
ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකු සමඟ ත්‍රී රෝද රථයකින් ප්‍රදේශය පුරා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව ගම්පොල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණය සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.