(UTV | කොළඹ) – හෙට (11) දිනයේ සුපිරි වෙළඳ සැල්, කඩ සාප්පු, ෆාමසි ඇතුලු බොහෝ ස්ථාන විවෘත කිරීමට නියමිත බැවින් අනවශ්‍ය ලෙස ඒකරාශීවීමෙන් වළකින ලෙසට පොලිසිය ජනතාවට දන්වා සිටියි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්වල ජනතාවට හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමවේදය භාවිත කරමින් පිටතට යාම සඳහාද හෙට සිට අවසර පවතියි.