(UTV | කොළඹ ) – අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විදුලි පාරිභෝගිකයින් 45,000කට පමණ විදුලි සැපයුම ඇණහිට තිබේ.
මීට අමතරව කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද විදුලිබලය ඇණහිට ඇති බවට වාර්තා වේ.