(UTV| කොවිඩ් 19 ) – තවත් නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල් 11 කට අයත් සමාජිකයින් 49 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගොස් ඇත.
මෙහිදී හබරාදුව පොලිස් ගොඩනැගිල්ලේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පවුල් 04 කට අයත් පුද්ගලයින් 18 ක පිරිසක් සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 07 කට අයත් පුද්ගලයින් 31 ක් වශයෙන් නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 11 කට අයත් පුද්ගලයින් 49 ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරන ලදී.
මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙනු ලබන සහතිකපත් ද ප්‍රදානය කළහ.
මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.