විදෙස්

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

(UTV |කොවිඩ් 19) – කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 25 වනදා සිට පැනවුනු සීමාවන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේවෙතත් වෛරසය ආසාදනය අවම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙන බව ද ඉන්දීය රජය නිවේදනය කරයි.

ඒ අනුව ලබන ජූනි 8 වනදා සිට සාප්පු සංකීර්ණ, හෝටල්, අවන්හල් සහ ආගමික ස්ථාන මහජනතාව සඳහා විවෘත වනු ඇත.

ජූලි මාසයේ සිට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට ද ඉන්දියාව සැළසුම් කර තිබේ.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 80,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද 5,000 කට අධික වෙයි.

Related posts

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

Mohamed Dilsad

සුළි කුණාටුවකින් ජපානයට බලපෑම්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment