(UTV|කොවිඩ් 19) – ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියේය.
ඒ අනුව , අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 2 ක්, යුද හමුදා සාමාජිකයෙකුගේ ආශ්‍රිතයන් 2 ක් මෙන්ම ඉන්දුනිසියාව හා බෙලරූස් රාජ්‍යයෙන් පැමිණි 2 ක් සහ බංග්ලාදේශයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 4 දෙනෙකු ඇතුළත් වෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 811 දක්වා ඉහළ ගොස් ඇත.