දේශීය

වැලිසර කඳවුර විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ලබන සතියේ සිට අදියර කිහිපයක් යටතේ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් පිරිසක් හඳුනා ගැනුණු වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරමින් ඊට අදාල ලිපිය ඊයේ (19) දිනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නාවික හමුදාපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර සඳහන් කළේය.

Related posts

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනාධිපති

Editor O

තැපැල් සේවකයින් අතිකාල වර්ජනයක

Mohamed Dilsad

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

Leave a Comment