දේශීය

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත් ගුවන් යානය අද දින පෙරවරු 8.52 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව වාර්තා වේ.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කර ඇත.

Related posts

ලංවිමෙන් තවත් ගාස්තුවක් පාරිභෝගිකයාගේ මල්ලට

Mohamed Dilsad

බැංකු පොලීය ගැන මහ බැංකුවෙන් කොළ එළියක්

Mohamed Dilsad

නුවරඑළියේදී ගිනි අවි සමඟ සැකකරුවන් 2ක් කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment